එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ පළමු වරට කිසිදු පිතිකරුවෙක් ශතකයක් වාර්තා නොකර ඉනිමක් තුළ ලකුණු 400 ක් ලබා ගත් ලොව පළමු කණ්ඩායම බවට එංගලන්තය පත් වුණා.
ඒ බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම සමග පැවති තරගයේදීයි.
මෙහිදී පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී එංගලන්තය ලකුණු 400 ක් රැස් කළා.
කෙසේ වෙතත් කොදෙව් ක්‍රීඩකයින්ට පන්දුවාර 26 ක් අවසානයේ ලබා ගත හැකි වූයේ ලකුණු 162 ක් පමණයි.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් Jacob Bethell 82ක්ද, Ben Duckett 60ක් ලකුණු රැස් කළ අතර Harry Brook ලකුණු 58ක් සහ Joe Root ලකුණු 57ක් රැස් කිරීමට සමත් වුණා.
එමෙන්ම Will Jacks ලකුණු 39කට දැවී ගිය අතර Jos Buttler සහ Jamie Smith ලකුණු 37කට දැවී ගියා.
පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම වෙනුවෙන් Jayden Seales කඩුලු 4ක් දවා ගත් අතර Alzarri Joseph සහ Justin Greaves කඩුලු 2 බැගින් දවා ගත්තා.
Social Plugin