මුම්බායි අවසන් සටන පෙනෙන මානයට! කුසල් මෙන්ඩිස්ගෙන් වාර්තාවක්!


ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ඊයේ (30) පැවති Eliminator තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 20ක ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 228ක් රැස් කළා. 

රෝහිත් ශර්මා පන්දු 50කදී ලකුණු 81ක් රැස් කළේ හතරේ පහර 09ක් සහ හයේ පහර 04ක් ද සමගින්. 

ලකුණු 229ක ඉලක්කයක් හඹා ගිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 208ක් පමණයි. 

ආරම්භක පිතිකරු සායි සුදර්ශන් පන්දු 41කදී ලකුණු 80ක් රැස් කළා. 

ඒ අනුව මෙම තරඟය ජය ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙවර අයි පී එල් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුණා. 

එම තරඟය හෙට පැවත්වෙන්නේ මුම්බායි ඉන්දියන්ස් සහ පංජාබ් කින්ග්ස් කණ්ඩායම අතරයි. 

මෙම තරඟය ජය ගන්නා කණ්ඩායමට ලබන 03 වනදා පැවැත්වෙන 2025   අයි පී එල් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වනවා. 

මේ අතර ඊයේ සිය පළමු අයි පී එල් තරගයට ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ගුජරාට් ටයිටන්ස් වෙනුවෙන් ලකුණු 20ක් රැස්කිරීමට සමත් විය.

හයේ පහර 2ක් හා එක් හතරේ පහරක් සමගින් පන්දු 10කින් කුසල් සිය ඉනිම ගොඩනගමින් සිටියදී අවාසනාවන්ත හිට් විකට් දැවීයාමකින් පිටියෙන් ඉවත්ව ගියේය.

අයි පී එල් ඉතිහාසයේ අවසන් වටයේ තරගයකදී හිට් විකට් දැවී යාමකට ගොදුරු වූ පළමු ක්‍රීඩකයා ලෙස මෙන්ඩිස් වාර්තා පොත් අතරට එක් විය.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම දැනටමත් එම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා තිබෙනවා.