ඔෂධ යළි ටෙස්ට් පිටියට
දකුණු අප්‍රිකා ඒ කණ්ඩායමට එරෙහිව පිත්තෙන් දස්කම් දක්වමින් සිටි ඔෂධ ප්‍රනාන්දු ද නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. පළමු නිල නොවන ටෙස්ට් තරගයේ වීරයා වෙමින් දකුණු අප්‍රිකානු පරාජයට පාර කැපූ ඔෂධ ඊයේ ඇරඹි දෙවන නිල නොවන ටෙස්ට් තරගයට ඇතුළත් නොකර නැවත ලංකාවට එවා තිබීමෙන් ඔහුටද නවසීලන්තයට එරෙහිව නැඟෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉඩක් වෙන් වීමට ඉඩ තිබෙනවා.
SOURCE: NMR (Journalist)
Social Plugin