බංග්ලාදේශය සමග මේ මස 17 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගයට 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මූලික පුහුණු සංචිතය ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වනවා.
මෙම සංචිතයට මෙතෙක් ටෙස්ට් වරම් නොලද ක්‍රීඩකයින් පස් දෙනෙකු ඇතුළත් වීම විශේෂත්වයක්.
පවන් රත්නායක, පසිඳු සූරියබණ්ඩාර, ලහිරු උදාර, තරිඳු රත්නායක සහ සොනාල් දිනූෂ මෙලෙස ටෙස්ට් වරම් ලද නවක ක්‍රීඩකයින් බවයි වාර්තා වන්නේ.
පිතිකරුවන් ලෙස පවන් රත්නායක සහ පසිඳු සූරියබණ්ඩාර ශ්‍රී ලංකා පිලට එක්වන අතර පන්දු යවන්නෙක් ලෙස තරිඳු රත්නායකත්, කඩුලු රකින්නෙක් සහ පිතිකරුවෙක් ලෙස ලහිරු උදාරත් සංචිතයට එක්වනු ඇති.
නවක ක්‍රීඩකයින්ගේ පැමිණීමත් සමග නිශාන් මධුෂ්කට ශ්‍රී ලංකා සංචිතයේ සිය ස්ථානය අහිමිවී තිබෙනවා.
18 දෙනාගෙන් යුත් මෙම පුහුණු සංචිතයෙන් 15 දෙනෙකු බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතයට නම්කිරීමට නියමිතයි.
මේ වනවිටත් ශ්‍රී ලංකාව සමග පළමු ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශය සංචිතය නම්කර අවසන්.
Social Plugin