කටාර් රාජ්‍යය වෙනුවෙන් පළමු ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලාංකිකයෙකු සමත් වෙයි


ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කටාර් දේශය වෙනුවන් පළමු ශතකය රැස් කළ ක්‍රීඩකයා බවට පත්වීමට ඉමාල් ලියනගේ පසුගියදා සමත් වුණා.

ICC Men’s CWC Challenge League A තරගාවලියේ කෙන්යානු කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදීයි.

එම තරගයේදී ඉමාල් ලකුණු 107ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් අන්තර්ගත විය.

පන්දු 136කදී හතරේ පහර 12ක් සමගින් අගනා ලකුණු 107ක් රැස්කිරීමට ඉමාල්ට හැකිවුණා.

එම තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට කටාර් රාජ්‍යය සමත් වුණා.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට දායාද කල ඉමාල් මෙම වසරේදී පළමු පෙළ පිටිය තුළ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය වෙනුවන් ක්‍රීඩා කර තිබේ.