ක්‍රිකට් පිටියට ලකුණු 12ක පහරක් හඳුන්වාදීමට යෝජනාවක්


ක්‍රිකට් පිතිකරුවෙකු මීටර් සියයකට එපිටින් හයේ පහරක් එල්ල කරන්නේ නම් ලකුණු 12 ක් ලබාදිය යුතු බව එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රිඩක කෙවින් පීටර්සන් පවසනවා.

එක්ස් පණිවිඩයක් තබමින් ඔහු ප්‍රකාශ කළේ එවැන්නක් සිදුකළහොත් පිතිකරුවන් රැසක් ඒ සදහා උත්සහ කරනු ඇති බවයි. කෙසේ වෙතත්, පීටර්සන්ගේ මෙම යෝජනාවට ප්‍රේක්ෂකයින්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබී තිබෙනවා.

ඇතැමුන් ඊට කැමැත්ත පළ කර ඇති අතර, තවත් පිරිසක් එය ප්‍රායෝගික නොවන බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.