සිංහ පුතුන් ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියටම යයි


වසර 16කට පසු ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයකින් බෲනායි කණ්ඩායම පරාජයට පත් කරන්නට ශ්‍රී ලංකාව ඊයේ(05) දිනයේදී සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 1-0ක් ලෙසින් මෙම තරගයේ ජය ලැබීය.

මෙම ජයග්‍රහණයත් සමගින් ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්හි ස්ථාන 2කින් ඉදිරියට පැමිණෙමින් FIFA ශ්‍රේණිගතකිරීම්හි 198වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම  සමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම 2023 වසරේදී ලෝක ශ්‍රේණිගතකිරීම්හි 207වන ස්ථානයේ පසුවුණා.