ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ සංචිතය මෙන්න


ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඉදිරියේදී ආරම්භවන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා. 

නජ්මුල් හොසේන් ෂැන්ටෝගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට 16 දෙනෙකු ඇතුලත්. 

දෙරට අතර පළමු ටෙස්ට් තරගය මේ මස 17 වනදා ගාල්ලේ දී පැවැත්වෙන අතර, එය 2025 - 27 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගයද වනවා. 

බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ මේ මස 13 වනදායි. 

ටෙස්ට් තරගාවලියට අමතරව දෙරට අතර එක්දින හා විස්සයි 20 තරග 3 බැගින් පැවැත්වීමට ද නියමිතයි.