2025-26 තරගවාරය සඳහා පළමු පෙළ ක්‍රීඩකයන් 280කට සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 70 දෙනෙකු රක්ෂණාවරණයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
අන්තර්සමාජ පළමු පෙළ තරගාවලිය ක්‍රීඩා කරන කණ්ඩායම් 14 ක් ආවරණය වන පරිදි ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් මෙන්ම කාර්ය මණ්ඩලයටද මෙමගින් ප්‍රතිලාභ හිමිවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළේ.
සෑම ක්‍රීඩකයෙකුට සහ සහය කාර්‍යමණ්ඩල සාමාජිකයෙකු සඳහාම පුද්ගලික අනතුරු ආවරණයක් සහ වෛද්‍ය ආවරණයක් මෙමගින් හිමිවනු ඇති.
බරපතළ රෝගී තත්වයන් වෙනුවන් ක්‍රීඩා සමාජයකින් ක්‍රීඩකයක් පස්දෙනෙකුට රක්ෂණ ආවරණයේ ප්‍රතිලාභ හිමිවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළේ.
Social Plugin