මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම නිසා වසර තුන හමාරක කාලයක් සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනමකට ලක්ව සිටි බ්‍රෙන්ඩන් ටේලර් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වීමට සූදානමින් සිටින බවට විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.
මේ වන විට 39 වන වියේ පසු වීම හේතුවෙන් ඔහු සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයෙන් පුහුණුකරු ධූරයක් ලබා ගැනීමට ඉල්ලීමක් කර ඇත.
නමුත් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් ඔහුට හැකි ඉක්මනින් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරඟවලට සූදානම් වන බවට දැනුම් දී ඇති බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
එළැඹෙන ජූලි මාසයේ දී බ්‍රෙන්ඩන් ටේලර්ට පැනවූ ක්‍රිකට් තරඟ තහනමද අවසන් වීමට නියමිතයි.
ඒ අනුව ඔහු නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත දෙවෙනි ටෙස්ට් තරඟයේ සිට නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණීමට නියමිතව ඇති අතර ඔහුට 2027 සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයට ද සහභාගී වීමට හැකියාවක් ඇති බවට බ්‍රෙන්ඩන් ටේලර් පවසයි.
Social Plugin