සනත් ජයසූරියව පසුකර යෑමට සැරසෙන ජෝ රූට්


වැඩිම ජාත්‍යන්තර ලකුණු රැස් කළ ක්‍රීඩකයන් 10දෙනා අතරට එක්වීමට එංගලන්තයේ ජෝ රූට් සමත්ව තිබේ.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් තරග 365කට සහභාගී වෙමින් ඉනිම් 478කදී ලකුණු 21,025ක් රැස් කරමින්.

මෙම ලැයිස්තුවේ 9 වන ස්ථානය හිමිකර ගැනීමට සමත්ව තිබෙන්නේ සනත් ජයසූරියයි.

ඒ ජාත්‍යන්තර ලකුණු 21,032ක් රැස් කරගනිමින්.

ඒ අනුව ජෝ රූට්ට, සනත් ජයසූරියව පසු කර යාම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 8ක් පමණි.