විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් කෙරෙමින් පවතින කොළඹ SSC ක්‍රීඩාංගණයේ අභිනව විදුලි ආලෝක පද්ධතිය ඊයේ (28) පස්වරුවේදී විවෘත කර තිබෙනවා.
SSC ක්‍රීඩාංගණයේ අභිනව ආලෝක පද්ධතිය LED තාක්ෂණය මත පදනම් වූ කුළුණු 06 කින් සමන්විත වන අතර, සමස්ත ක්‍රීඩාංගණය පුරා ඒකාකාර ආලෝකකරණයක් ලබා දීම සඳහා ‘LED ලුමිනියර්’ 630 ක් (කුළුණු 3 කට 100 වන සේ සහ කුළුණු 3 කට 110 වන සේ) මේ සඳහා භාවිත කර ඇති බවයි සඳහන් වන්නේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවශ්‍යතාවට සරිලන දීප්තිය සහිත මෙම පද්ධතිය ක්‍රීඩකයන්, නිලධාරීන් සහ නරඹන්නන් සඳහා උසස් දෘශ්‍ය පැහැදිලිතාවක් ලබාදෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Social Plugin