ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මාසයේදී සිම්බාබ්වේහි තරග සංචාරයක නිරතවීමට නියමිතයි.
එහිදී එක්දින තරග 2ක් හා විස්සයි20 තරග 3ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙම තරගාවලියට පෙර කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී (එස්එස්සී) කණ්ඩායම් 3කට බෙදී විස්සයි20 තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සූදානම් කර තිබේ.
මෙම තරගාවලිය අගෝස්තු මස 7 වැනිදා ආරම්භවීමට නියමිතයි.
එහිදී බ්ලූ, ග්‍රීන් සහ ග්‍රේ යනුවෙන් කණ්ඩායම් 3ක් තරග වදී.
නිමාවට පත්වූ බංග්ලාදේශ තරගාවලියට එක්වූ ක්‍රීඩකයින්ට අමතරව දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වන නවක ක්‍රීඩකයන් මේ තරගාවලියට එක්කරගෙන ඇත.
තරගාවලියේ අවසාන තරගය අගෝස්තු 16දා මූලික වටයේ අවසානයේදී ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් දෙක අතර එස්එස්සී ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පළමු හා දෙවන එක්දින තරගය අගෝස්තු 29 හා 31 දිනවල පැවැත්වේ.
Social Plugin