දේශීය ක්‍රිකට් තරග නැරඹීමට ඔබටත් අවස්ථාවක්


ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට බොහෝ කලක් පුරා පැවැති අඩුපාඩුවක් නිමා කරමින් ThinkCube System (Pvt) Ltd සහ Content I Asia (Pvt) Ltd යන සමාගම් එක්ව,

  1.  සියලුම ශ්‍රී ලංකා ක්‍රිකට් (පිරිමි) Domestic තරගාවලි
  2.  ශ්‍රී ලංකා A, U19, Emerging පිරිමි කණ්ඩායම් විදෙස් කණ්ඩායම් සමඟ මෙරටදී ක්‍රීඩා කරන තරගාවලි
  3.  ශ්‍රී ලංකා A, U19 කාන්තා කණ්ඩායම් විදෙස් කණ්ඩායම් සමඟ මෙරටදී ක්‍රීඩා කරන තරගාවලි

යන ක්‍රිකට් තරගාවලියන්හි නිල විකාශන අයිතිය ලබාගෙන තිබේ.

ඒ අනුව මේ යටතේ ක්‍රිකට් ප්‍රේක්ෂක ඔබට මෙම සියලුම තරගාවලි,

Talent TV රූපවාහිනී නාලිකාවෙන්,

  • UHF 22 (479.25 MHz) - කොළඹ
  • UHF 28 (527.25 MHz) - ගොන්ගල
  • UHF 47 (679.25 MHz) - පිදුරුතලාගල
  • UHF 32 (559.25 MHz) - කරගහතැන්න
  • UHF 56 (751.25 MHz) - මිනුවන්ගල

යන සංඛ්‍යාත ඔස්සේ නොමිලේ රූපවාහිනියෙන්ද, Talent TV වෙබ් අඩවියෙන් සහ Sri Lanka Cricket යූටියුබ් නාලිකාවෙන් සජීවීව නැරඹීමට අවස්ථාව උදාවේ.

(source - FM & TV Sri Lanka)