ක්‍රිකට් වාර්තා පොත් අලුත් කළ ජෝ රූට්


ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් සුවිශේෂී වාර්තාවක් පිහිටුවමින්, එංගලන්තයේ ජෝ රූට්, ICC ලෝක ටෙස්ට් ශූරතා ඉතිහාසයේ ලකුණු 6,000 සීමාව පසුකළ පළමු පිතිකරුවා බවට පත්ව තිබෙනවා.

මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පස්වන ටෙස්ට් තරගයේදීයි.

ඉන්දියාව සමඟින් මේ වනවිට පැවැත්වෙන පස්වන ටෙස්ට් තරගයේ දෙවෙනි ඉනිමේදීද ශතකයක් රැස් කිරීමට ඔහු සමත් විය.

මේ වන විට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස පෙරමුණේ පසුවන්නේ ද ජෝ රූට් ය.