ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගය අදාළ ක්‍රීඩක සංචිත අද (3) නිවේදනය කළේය.
නිල්, කොළ සහ අළු ලෙස කණ්ඩායම් තුනක සහභාගිත්වයෙන් පැවැත්වෙන එම තරගාවලියේ අළු කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා නිත්‍ය එක්දින හා විස්සයි20 නායක චරිත් අසලංකට හිමිව ඇත.
ඊට අමතරව නිල් කණ්ඩායමේ නායකත්වයට යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ද, කොළ කණ්ඩායමේ නායකත්වයට කමිඳු මෙන්ඩිස් ද නම්කර තිබේ.
මෙම තරගාවලිය එළැඹෙන 7වනදා ආරම්භ වන අතර, අවසන් මහා තරගය අගෝස්තු 16 වනදා පැවැත්වීමට නියමිතය.
මෙහි සියලුම තරග කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
Social Plugin