දුෂාන් හේමන්ත දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම දඟ කැවීමෙන් මට්ටු කරයි



ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට දකුණු අප්‍රිකානු සංචාරයේ දෙවන එක් දින තරගයත් ලකුණු 39 න් ජය ගන්නට මඟ පාදමින් දකුණත් පා දඟ පන්දු යවන්නෙකු වන දුෂාන් හේමන්ත කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණා. දකුණු අප්‍රිකාවේ දෙවන කඩුල්ල ලකුණු 93 දී දැවී ගියේ 17 වන ඕවරයේදී යි.ඒ වන විට ඔවුන් ඉදිරියෙන් සිටියත් දුෂාන් හේමන්ත පන්දු යැවීමට පැමිණීමත්  ඒ  සියල්ල වෙනස් කළා.ඔහු වැඩිම ලකුණුලාභියා වූ දකුණු අප්‍රිකානු නායක මැතිව් බ්‍රිට්ෂ්කේ ද ලකුණු 74 ට දවා ගනිමින් පන්දු යැවීමෙන් කැපී පෙණුනා.දුෂාන් හේමන්තගේ බලපෑම පදනම් වුණු ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණිය දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම ලකුණු 239 ට දවා ගනිද්දි දුෂාන් හේමන්ත ගේ කඩුලු පැස ලකුණු 48 ක් දී ලබා ගත් කඩුලු 5 න් පිරී තිබුණා.


ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායක පසිඳු සූරියබණ්ඩාර කාසියේ වාසිය ලබා ගෙන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ට ලකුණු 270 ක් රැස් කරන්නට සමත් වුණා.

ලහිරු උදාර ලකුණු 86 ක් රැස් කරමින් ආරම්භක පිතිකරුවාගේ වගකීම මැනවින් ඉටු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වුණා.පන්දු 95 දී රැස් කළ එම ලකුණු ප්‍රමාණයට හයේ පහරක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් කරන්නටත් ලහිරුට හැකි වුණා.සහන් ආරච්චිගේ ද ලකුණු අතරට ලකුණු 52 ක් රැස් කළ අතර තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ යළිත් සාර්ථක ඉණිමක් දියත් කරමින් පන්දු 36 දී ලකුණු 48 ක් එකතු කළේ හයේ පහර  2 ක් සහ හයේ පහර 3 ක් සමඟයි.

Author : NMR