ඩිල්ෂාන් මධුශංකට දඩ 


දැවී යාමෙන් පසු පිතිකරුවෙකුට අපහාස කරන හෝ ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් ඇති කළ හැකි භාෂාව, ක්‍රියා හෝ අභිනයන් භාවිතා කිරීම සම්බන්ධයෙන් ඩිල්ෂාන් මධුශංකට තරග මුදලින් සියයට 10ක දඩයක් සහ අඩු ලකුණක් පනවා තිබේ.
පිටියේ විනිසුරුවන් විසින් වාර්තා කරන ලද මේ සිඳුවීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණයේදී ඩිල්ෂාන් මධුශංක වරද පිළිගෙන ඇත.ජුලි 14 වැනිදා දඹුල්ල සික්සර්ස් සහ ගාලු මාර්වල්ස් අතර තරගය තුර සිඳු වූ මෙම සිඳුවීමෙන්  LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය තඩ කිරීමෙන්  පළමු මට්ටමේ වරදක් සිඳු කර ඇති බව තීන්දු විය.


- NMR