තීක්ෂණගේ ත්‍යාග මුදල උතුම් තෑග්ගක් කරයි


Galle Marvels හි මහේෂ් තීක්ෂණ ඔහුට හිමි වූ තරගයේ වීරයා සම්මානයට හිමි ඇමරිකානු ඩොලර් 1,500 මුදල   Indira Cancer Trust වෙත සඳහා පිරිනමා ඇත.තෑග්ගෙන් තෑග්ග උතුම් බව කියන කතාවට අරුතක් තැබූ තීක්ෂණ,තමන්ට ලද ත්‍යාග මුදල මේ ආකාරයට වඩා උතුම් අරමුණක් වෙනුවෙන් පරිත්‍යාග කිරීම අගය කළ යුතුය.

2024 ජුලි 14 වන දින දඹුල්ල සික්සර්ස් සහ ගාලු මාර්වල්ස් අතර පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරඟයේදී තීක්ෂණ තමාට හිමි වූ ත්‍යාග මුදල එසේ පරිත්‍යාගක තරමින් එදිනට යෙදී තිබුණු 'Pink Day.' සැමරුමට දායක විය. 'Pink Day.' වෙනුවෙන් පියයුරු පිළිකා ගැන දැනුවත් කිරීමේ වැඩ සටහනකට එක්වෙමින් මහේෂ් සිඳු කළ මෙම පරිත්‍යාගය සුවපත් වීමේ අරමුණ ඇති පිළිකා රෝගීන් වෙනුවෙන් තවත් විශාල පිරිසකට උනන්දුව ඇති කරන සුළු මානුෂීය ක්‍රියාවලියකි.

-NMR