නැමීබියාවේ වින්ඩ්හෝක්හිදී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් පිළට ලකුණු 194ක ඉලක්කයක් හිමිව තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 193ක් ලබා ගැනීමට සමත් විය. ඇෆ්ගනිස්ථාන ඉනිම වෙනුවෙන් ඔස්මන් සදාට් ලකුණු 61ක් සහ අසිසුල්ලාහ් මියාඛිල් ලකුණු 43ක් රැස්කරමින් දක්ෂතා දැක්වූහ.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුගදාස් මදුලන් සහ විරාන් චමුදිත අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ. ඒ අනුව, පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමට මේ වන විට සූදානමින් සිටියි.

Social Plugin