සිම්බාබ්වේ සහ නැමීබියාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක සුපිරි 6 (Super Sixes) වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද(26) ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබේ. නැමීබියාවේ වින්ඩ්හෝක්හිදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.00 ට ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.
මෙවර තරගාවලියේ සුපිරි 6 වටය කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කාණ්ඩය (Group 1) යටතේ තරග වැදීමට සුදුසුකම් ලබා සිටියි. ශ්‍රී ලංකාවට අමතරව එම කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය යන කණ්ඩායම් ඇතුළත් වී තිබේ.
මේ අතර දෙවන කාණ්ඩය (Group 2) යටතේ ප්‍රබල ඉන්දියාව, එංගලන්තය, පාකිස්තානය, බංග්ලාදේශය, නවසීලන්තය සහ සත්කාරක සිම්බාබ්වේ යන කණ්ඩායම් සුපිරි 6 වටය සඳහා සුදුසුකම් ලබා ඇත. මූලික වටයේ දක්ෂතා මත ඉදිරියට පැමිණි මෙම කණ්ඩායම් අතරින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අදදිනයේදී සිය පළමු සටනට අවතීර්ණ වනු ඇත.

Social Plugin