පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොක්සින් නක්වි ඊයේ (25) ලාහෝහරිදී පාකිස්තාන ක්‍රීඩකයින් සහ ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන් හමුවී තිබේ.
මෙහිදී නක්වි අවධාරණය කළේ, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සම්බන්ධයෙන් පාකිස්තානයේ ස්ථාවරය රජයේ මට්ටමේ තීරණයන් සමඟ බැඳී ඇති බවය.
ඉස්ලාමාබාදය උපදෙස් දුන්නේ නම්, තරගාවලිය වජර්නයට සහාය දක්වන බව ක්‍රීඩකයින් සභාපතිවරයාට පවසා ඇත.
එම අවස්ථාවේදී, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල පැවැත්වෙන එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත පාකිස්තාන සංචිතය නාමකරනය කරන ලදී.
කෙසේ වෙතත්, නක්වි ප්‍රකාශ කළේ, සංචිත නාමකරනය සහභාගීත්වය සඳහා කොළ එළියක් ලෙස සැලකිය යුතු නැති බවයි.

Social Plugin