ජාත්‍යන්තර මේස පන්දු පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළින්ම ඔසවා තැබූ වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය හිමි කරගත් ටාවි සමරවීර ක්‍රීඩකයා අද (26) අලුයම දිවයිනට පැමිණියේය.
ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් සේවයට අයත් OV- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඔහුව පිළිගැනීම සඳහා විශේෂ පිරිසක් එක්ව සිටියහ.
ටාවි සමරවීර මෙම සංචාරයේදී එකිනෙකට වෙනස් ජාත්‍යන්තර තරගාවලි දෙකකදීම රන් පදක්කම් දිනාගැනීම සුවිශේෂී සිදුවීමකි.
බහරේන් සංචාරය: ජනවාරි 14 සිට 18 දක්වා බහරේන්හි පැවැති තරගාවලියේදී 11න් පහළ අංශයේ රන් පදක්කම දිනාගැනීමට ඔහු සමත් විය.කටාර් සංචාරය: ජනවාරි 19 සිට 25 දක්වා දෝහා නුවර පැවැති ලෝක කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේදී ද සිය දක්ෂතා පෙන්වමින් රන් පදක්කම දිනා ගැනීමට ඔහුට හැකි විය.
තවමත් 10 හැවිරිදි වියේ පසුවන ටාවි සමරවීර, කොළඹ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. ඔහු මේ වන විට ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීම්වල වයස අවුරුදු 11න් පහළ අංශයේ ලොව අංක 01 (World No. 1) ස්ථානයේ පසුවෙමින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දී තිබේ.
මෙම කුඩා ක්‍රීඩකයාගේ දක්ෂතා ඔපමට්ටම් කිරීම පිටුපස සිටින ප්‍රධාන ශක්තිය වන්නේ ඔහුගේ පුහුණුකරු ලෙස කටයුතු කරන පියා වන හසිත සමරවීර මහතායි. දක්ෂතා අතර සිටින මෙම යොවුන් ක්‍රීඩකයා ඉදිරියේදී ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ගෙන එනු ඇතැයි ක්‍රීඩා ලෝලීහු බලාපොරොත්තු වෙති.
Social Plugin