26වැනි ආසියානු මලල ක්‍රීඩා උළලේ කාන්තා මීටර් 400×4 සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගන්නට ශ්‍රී ලංකාව අද (29) සමත් වුණි.
මෙවර ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාව දිනාගත් තුන්වන ලෝකඩ පදක්කම මෙයයි.
මෙම තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නදීෂා රාමනායක, සයුරි මෙන්ඩිස්, ජයේෂි උත්තරා සහ නිෂේන්ද්‍රා ප්‍රනාන්දු සහභාගී වුණි.
ඔවුන්ගේ නිමි කාලය දැක්වුණේ විනාඩි 3යි තත්පර 36යි දශම 6යි 7ක් ලෙසය.
එම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාව දිනාගත් අතර රිදි පදක්කම වියට්නායම දිනා ගැනීමට සමත් විය.
Social Plugin