වසර 9කට පසු RCB කණ්ඩායම IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි


2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Playoff වටයේ පළමු තරගය ලෙස පන්ජාබ් කිංග්ස් සහ රෝයල් චැලේන්ජස් බැංගලෝර් අතර පැවති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

එහිදී ප්‍රථම පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම කඩුලු සියල්ලම දැවී ලබා ගත්තේ ලකුණු 102ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී පහසුවෙන් ජය්ග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

මෙහිදී පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ Marcus Stoinis පන්දු 17කදී ලකුණු 26ක්ද, Prabhsimran Singh පන්දු 10කදී ලකුණු 18ක් සහ Azmatullah Omarzai පන්දු 12කදී ලකුණු 18ක්ද රැස් කිරීමට සමත්වුණා.

ඒ අනුව පන්දු යැවීමේදී රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායමේ Josh Hazlewood ඕවර 3කුත් එක් පන්දුවක් තුළ කඩුලු 3ක්ද, Suyash Sharma ඕවර 3කදී කඩුලු 3ක්ද දවාගැනීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම Phil Salt පන්දු 27කදී ලකුණු 56ක් ලබාගැනීමට සමත්වූ අතර Mayank Agarwal පන්දු 13කදී ලකුණු 19ක් රැස්කර ගැනීමට සමත්වුණා.

ඒ අනුව, රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.