දකුණු කොරියාවේ ගුමි නගරයේදී රටවල් 43ක සහභාගීත්වයෙන් පැවැත්වෙන 26 වන ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 මූලික වටයේ ඉසව්වට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහභාගී නොවීය.
එම ඉසව්වේ මූලික වටයේ දෙවැනි තරගයට සහභාගී වූ චමෝද් යෝධසිංහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
යුපුන් අබේකෝන් මෙවර තරගාවලියේදී මීටර් 100, මීටර් 200 සහ මීටර් 400 * 4 තරග සඳහා සහභාගීවීමට නියමිතව තිබුණි.
නමුත් ඔහුගේ පාදයක පවතින ආබාධය සම්පූර්ණයෙන්ම සුව අතට පත් නොවීම හේතුවෙන් ඔහු මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තරග ඉසව්ව සඳහා සහභාගී වී නොමැති බවයි වාර්තා වන්නේ.
Social Plugin