යුපුන්ගේ අතපසුවීමෙන් ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමේ බලාපොරොත්තු සුන් වෙයි


ආසියානු මළල ක්‍රීඩා තරගාවලියට අදාළව පැවති පිරිමි මීටර 100 සහය ඉසව්වේ මූලික වටයේ තරගයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා සහය කණ්ඩායමට සිදුවුණා.

අද පෙරවරුවේ පැවතී මූලික වටයේ තරග සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණේ, යුපුන් අබේකෝන්, චමෝද් යෝධසිංහ, චමෝත් බුද්ධික සහ දිනෙත් ඉඳුවරයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා සහය කණ්ඩායමේ අවසන් යෂ්ටි හුවමාරුවේදී දිනෙත් ඉඳුවර සහ යුපුන් අබේකෝන් අතරදී සිදු වූ අතපසුවීමකින් යෂ්ටිය බිම වැටීමත් සමගයි ඔවුන්ට මෙම තරගයෙන් ඉවත්වීමට සිදුවුණා.