රුමේෂ් හා සුමේධ පදක්කම් බලාපොරොත්තුව අභියසට


26 වන ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනාම සමත් වුණා.

ඊයේ උදෑසන පැවැත්වුණ පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී මීටර් 83.71ක දැක් වූ රුමේෂ් තරංග එම වටයේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

දෙවන සුදුසුකම් ලැබීමේ තරගයට සහභාගී වුණු ශ්‍රී ලංකා කණ්ඩායම් නායක සුමේධ රණසිංහ  මීටර් 81.33ක දක්ෂතාවයක් දක්වමින් එම වටයේ  හතරවන ස්ථානය දිනා ගත්තා.

මූලික වටයේ දක්ෂතා අනුව ඔවුන් දෙදෙනාටම අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකි වුණා.