රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාලය යුරෝපානු Nations League පාපන්දු කිරුළ හිමිකර ගනියි


යුරෝපා නේෂන් ලීග් පාපන්දු තරගාවලිය ජයග්‍රහණය කිරීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායම සමත් වුණා.

ඒ ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායමට එරෙහි තියුණු තරගයකින් අනතුරුවයි.

තරගයේ නියමිත කාල සීමාව අවසන් වන විට දෙපිළම ගෝල 2 බැගින් ලබාගෙන සිටි බැවින් තරගයේ ජයග්‍රාහකයා තීරණය කෙරුණේ දඬුවම් පහර මගින්.

එහිදී ලැබුණු දඬුවම් පහර පහෙන් 3ක් පෘතුගාල කණ්ඩායම සාර්ථක කර ගත් අතර, ස්පාඤ්ඤ කණ්ඩායමට සාර්ථ්ක කර ගැනීමට හැකි වුණේ දඬුවම් පහර 2ක් පමණයි.

ඒ අනුව 2025 වසරේ යුරෝපා නේෂන් පාපන්දු ලීග් තරගාවලිය ජය ගැනීමට සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායමට හැකියාව ලැබුණා.