රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඉතිහාසයේ පළමුවරට IPL ශූරතාවයක් දිනා ගැනීමට සමත් විය.
එම ජයග්‍රහණය සැමරීම සඳහා ජුනි 4 වන දින චින්නස්වාමි ක්‍රීඩාංගනය අසල පැවැත් වූ වැඩසටහනේදී සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබීය.
මේ සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන එච්.එම්. වෙන්කටේෂ් විසින් මෙම පෙත්සම ගොනුකර ඇති අතර IPL හරහා සූදුව ප්‍රවර්ධනය කිරීම සහ ඛේදවාචකයට සම්බන්ධ පිරිස උසිගැන්වීම සම්බන්ධයෙන් මෙහිදී කොලිට එරෙහිව චෝදනා ගොනුකර ඇති අතර විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින්හට FIR හි චෝදනා කර පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.
Social Plugin