සොහාන් ඩි ලිවේරාගෙන් අගනා ශතකයක්


සංචාරක ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර පළමු නිල නොවන ටෙස්ට් තරගය ඊයේ(7) දිනයේදී ආරම්භ වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 65 පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 292ක් රැස් කිරීමට සමත් විය.

එහිදී විශිෂ්ට ඉනීමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සොහාන් ඩි ලිවේරා පන්දු 110කදී ලකුණු 130ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් අන්තර්ගත විය.

ආරම්භ පිතිකරු ශෙවෝන් ඩැනියල් පන්දු 41කින් වේගවත් ලකුණු 47ක් ‍රැස් කළා.

ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළ කෙල්වින් පිට්මන් ලකුණු 28කට කඩුලු 7ක් දවාගැනීමට සමත් වුණා. 

කොදෙව් ඇකඩමි ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 106ක් ලබා සිටිනවා.