තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (8) පැවති මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහට හිමිවිය.
ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කිරීමට සමත් විය.
මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.
එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.
ලෝක මලල ක්‍රීඩා 'ලෝකඩ' කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (7) ආරම්භ වූ අතර, එය අද (8) අවසන්වීමට නියමිතය.
Social Plugin