වත්මන් ශූරයන් පැරදූ පානදුර ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලියේ අවසන් පූර්ව තරග පෙරේදා (13) දිනයේදී පැවැත්වුණා

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙස NCC ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර තරගය CCC ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පානදුර ක්‍රීඩකයන් පළමුව පන්දුවට පහරදුන් අතර නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 7කට ලකුණු 165ක් රැස්කිරීමට ඔවුන් සමත් වුණා. 

පානදුර ක්‍රීඩා සමාජයට වේගවත් ආරම්භයක් ලබාදුන් ආරම්භක පිතිකරු විශේන් හැළඹගේ පන්දු 26කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමගින් වේගවත් ලකුණු 55ක් රැස් කළේය.

පන්දු යැවීමේදී  දුෂ්මන්ත චමීර ලකුණු 17කට කඩුලු 2ක් බිද හෙලීය.

වත්මන් ශූර NCC පිලට ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 13කදී ජයග්‍රහණය සඳහා ලකුණු 123ක ඉලක්කයක් හිමි විය.

නමුත් ඔවුන්ට කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවෙන්නේ ලකුණු 74ක් පමණයි

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ විශ්ව ලහිරු ලකුණු 14කදී කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.

ඒ අනුව ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 48කින් තරගය ජය ගැනීමට පානදුර ක්‍රීඩා සමාජයට හැකි විය.