ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එක්දින තරගවල පන්දු දෙකක් භාවිතා කිරීමේ නීතිය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ICC හි පිරිමි ක්‍රිකට් කමිටුව විසින් නිර්දේශ කර ප්‍රධාන විධායක කමිටුව විසින් සම්මත කරන ලද නව ක්‍රීඩා කොන්දේසි, ජූලි 2 වන දින සිට එක්දින තරග සඳහා බලාත්මක වේ.
වර්තමානයේ, එක්දින තරගවල ඉනිමකදී එක් අන්තයකට එක් පන්දුවක් වශයෙන් නව පන්දු දෙකක් භාවිතා කරනු ලැබේ.
සංශෝධිත ක්‍රීඩා කොන්දේසි යටතේ, ඉනිමක ආරම්භයේ සිට 34 වන පන්දුවාරය අවසන් වන තෙක් පන්දු දෙකක් භාවිතා කරනු ලබන අතර 34 වන පන්දුවාරයෙන් පසු, පන්දු යැවීමේ කණ්ඩායම පන්දු දෙකෙන් එකක් තෝරා ගත යුතුයි.
එම පන්දුව ඔවුන් පන්දුවාර 35 සිට 50 දක්වා සියලුම පන්දුවාර යැවීම සඳහා භාවිතා කරනු ඇත.
එමෙන්ම පළමු ඉනිම ආරම්භ වීමට පෙර එක්දින තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 25ක් හෝ ඊට අඩු ප්‍රමාණයකට අඩු කළහොත්, පන්දු යවන කණ්ඩායමට මුළු ඉනිම සඳහාම භාවිතා කිරීමට අවකාශ ඇත්තේ එක් නව පන්දුවක් පමණි.
Social Plugin