ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පහතට ඇඳ වැටෙයි


නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිමට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6 වැනි ස්ථානය දක්වා පහල බැස තිබෙනවා.

ඊයේ එංගලන්ත සමග එක්දින තරගාවලිය පරාජය වීමත් සමග 5 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයට පහල බැස ඇති අතර, 6 වැනි ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාව 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබුණා.

එංගලන්තය තවදුරටත් රැඳී සිටින්නේ 8 වැනි ස්ථානයේයි.

ලොව අංක එකේ එක්දින කණ්ඩායම බවට ඉන්දිය කණ්ඩායමයි තවදුරටත් පෙරමුණේ පසුවනවා.