තාවි සමරවීරට රිදී පදක්කම් ත්‍රිත්වයක්


ලෝක කනිෂ්ඨ ශ්‍රේණි ගත කිරීමේ තරගාවලි 03කට සහභාගී වී, රිදී පදක්කම් 03 ක් දිනා ගත් මේස පන්දු ක්‍රීඩක තාවි සමරවීර අද (15) උදෑසන දිවයිනට පැමිණියා. 

මෙම තරගාවලි පසුගිය මස 29 සිට ඊයේ දක්වා කොසෝවෝ , ස්වීඩනය සහ නෝර්වේ යන රටවල පවත්වා තිබුණා. 

තාවි සමරවීර ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ වයස අවුරුදු 11 න් පහළ පළමු ස්ථානයේ සිටින ක්‍රීඩකයා වන අතර ලෝක ශේණි ගත කිරීම්වල 05 වන ස්ථානයේ පසුවනවා.