2025-26 තරග වාරය සදහා නසීලන්ත ක්‍රිකට් ආයතනය සමග මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව එරට ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා නිවේදනය කළා.
එම කොන්ත්‍රාත් ලැයිස්තුව්ට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් වන අතර ඊට නවක ක්‍රීඩකයින් සිව්දෙනෙකු ඇතුළත්.
මේ අතර කේන් විලියම්සන්, ඩේවෝන් කොත්වේ, ෆින් ඇලන්, ටිම් සයිෆටර් හා ලොකී ෆගර්සන් කොන්ත්‍රාත් ගිව්සුම් අත්සන් කර නොමැති අතර, ඔවුන් සමග තවදුරටත් සාකච්ඡා ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඉෂ් සෝදි, අජාස් පටෙල් හා ජෝෂ් ක්ලාක්සන් හට මෙවර ක්‍රීඩක කොන්ත්‍රාත්තුව අහිමි වී තිබෙනවා.
Social Plugin