ක්‍රිකට් ලොව විශිෂ්ඨයන්ගේ ලැයිස්තුවට ක්‍රීඩකයින් 07 දෙනෙකු ඇතුළත් කරයි

 


ක්‍රිකට් ලොව විශිෂ්ඨයන්ගේ ලැයිස්තුව ලෙස සැලකෙන ICC hall of fame ලැයිස්තුවට තවත් ක්‍රීඩකයන් 07 දෙනෙකු ඇතුලත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළා. 

ඒ අනුව 2011 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ග්‍රෑම් ස්මිත්, එම කණ්ඩායමේම ආරම්භක පිතිකරුවෙකු වූ හෂීම් අම්ලා, නවසීලන්ත කණ්ඩායමෙන් බිහි වූ සුපිරි දඟ පන්දු යවන්නෙකු වූ ඩැනියල් විටෝරි සහ ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු වන මැතිව් හේඩ්න් නම් කර තිබෙනවා. 

මීට අමතරව කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ලෙස පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව ක්‍රීඩික සානා මීර් සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකාරිනියක මෙන්ම කඩුලු රකින්නියක වූ සාරා ටේලර් ද ICC hall of fame ලැයිස්තුවට ඇතුලත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.