රෂීඩ් ඛාන් MLC තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කරයි


ඇෆ්ගනිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක රෂීඩ් ඛාන් 2025 මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.

IPL තරගාවලියට සහභාගීවීමෙන් අනතුරුව කෙටි විවේකයක් ලබා ගැනීම උදෙසා MLC ලීගයට සහභාගී නොවිමට තීරණය කර ඇති බවයි වාර්තා කරන්නේ.

MI New York කණ්ඩායම නියෝජනය කරන රෂීඩ්, පසුගිය MLC තරග වාරයේදී එම කණ්ඩායමේ හොඳම පන්දු යවන්නා බවට පත් විය.

රෂීඩ් අවසන් IPL තරගාවලියේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කළේය.

ඔහුගේ IPL දිවියේ දුර්වලතම තරග වාරය බවට මෙවර තරගවාරය පත් විය.

ඔහුට මෙවර තරගාවලියේදී තරග 15කදී දවා ගැනීමට හැකි වූයේ කඩුලු 9ක් පමණි.