ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දෙවැනි දිනය අද ක්‍රියාත්මක වුනා.
පළමු දිනය නිමාවට පත්වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 93ක් රැස්කරගෙන සිටි අතර දෙවන දිනය ආරම්භ වූයේ කඩුලු 06ක් ඇතැතිව ලකුණු 119ක් පිටුපසින්.
අද දිනය ආරම්භයේ සිටම විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 138කට සීමාකිරීමට සමත්වුණා.
එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් David Bedingham ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුණා.
ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ නායක පැට් කමින්ස් කඩුලු 6ක් දවාගත්තා.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස් කළා.
ඒ අනුව දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 74ක් ඉදිරියෙන් සිටිමින් ඕස්ට්‍රේලියා කණ්ඩායම මේ වන විට සිය දෙවන ඉනිම ආරම්භ කර තිබෙනවා.
Social Plugin