ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් නිකලස් පූරන්ට නව වගකීමක් පවරයි


පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක නිකලස් පූරන්ට නව වගකීමක් පවරා තිබෙනවා.

ඔහුව 2025 මේජර් ලීග් ක්‍රිකට් (MLC) තරගාවලියේ MI නිව්යෝර්ක් කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබෙනවා.

පූරන් 2023 MLC තරගාවලියේදී වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 388ක් රැස් කරගත්තා.

එමෙන්ම එවර තරගාවලියේ අවසන් මහා තරගයේදී පන්දු 55කින් නොදැවී ලකුණු 137ක් රැස් කරමින් ඔහු  MI නිව්යෝර්ක් කණ්ඩායමට ශූරතාවය දිනා දීමට සමත්වුණා.