ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද


2024 වසරේදී අන්තර්ජාතික සහ දේශීය වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ සියලුම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ඇගයීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 'හෝම් ලෑන්ඩ්ස්' ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය මේ වන විට කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත් වේ.

එහිදී පිරිනැමීමට නියමිත සම්මාන සංඛ්‍යාව හතළිස් හයකි. ඒ අතරින් ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සම්මාන දහ අටක්ද, දේශීය තරග සඳහා සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩකාවන් සඳහා සම්මාන විසි අටක්ද පිරිනැමීමට නියමිතයි.

ඊට අමතරව දක්ෂතම දේශීය තරග විනිසුරුවරයාට මෙන්ම තරගත් තීරකවරයාටද සම්මාන පිරිනැමීමට නියමිතය.