චමරි අතපත්තුට සම්මාන 5ක්




2024 වසරේදී අන්තර්ජාතික සහ දේශීය වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ සියලුම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ඇගයීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 'හෝම් ලෑන්ඩ්ස්' ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය මේ වන විට කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත් වේ.

එහිදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු හට සම්මාන 5ක් හිමි විය.

  • වසරේ හොඳම විස්සයි විස්ස පිතිකාරිණිය
  • වසරේ හොඳම විස්සයි විස්ස පන්දුයවන්නිය
  • වසරේ හොඳම විස්සයි විස්ස තුන්ඉරියව් ක්‍රීඩිකාව
  • වසරේ හොඳම එක්දින පිතිකාරිණිය
  • වසරේ හොඳම එක්දින තුන්ඉරියව් ක්‍රීඩිකාව