ටෙස්ට් ලෝක කුසලානයේ ජයග්‍රහණය කාටද? පළමුවෙන් පන්දුවට පහරදෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම අසීරු අඩියක


ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරග‍ය අද(11) ආරම්භ වුණා. 

තරගයේ කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

තරගය පළමු දිනයේ දිවා ආහාරය සඳහා නතර කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 67ක් රැස් කරගෙන සිටියා.

ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුතු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් වන්නේ, ඒඩන් මාක්‍රම්, රයන් රිකෙල්ටන්, ට්‍රිස්ටන් ස්ටබ්ස්, ඩේවිඩ් බෙනිගම්, කයිල් වෙයියෑන්, වියාන් මුල්ඩර්, මාකෝ යැන්සන්, කේෂව් මහරාජ්, කගීෂෝ රබාඩා සහ ලුන්ගි නිගිඩියි.

මේ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩා කරන ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට උස්මාන් කවාජා, මානස් ලබුෂේන්, කැමරන් ග්‍රීන්, ස්ටීව් ස්මිත්, ට්‍රැවිස් හෙඩ්, බියෙව් වෙබ්ස්ටර්, ඇලෙක්ස් කේරි, මිචෙල් ස්ට්‍රාක්,නෙතන් ලයන් සහ ජෝෂ් හේසල්වුඩ් ක්‍රීඩා කරනු ලබනවා.