LNW කියූ ලෙසම අන්තිමට DG තනි වෙයි
ශ්‍රී ලංකාවේ රගර්හී තාවකාලික භාරකරුවා ලෙස පත් කර සිටින ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු, එම තාවකාලික වගකීම ශ්‍රී ලංකාවේ රගර් වෙනස්කිරීමේ සර්ව බලධාරී වරමක් ලෙස තේරුම් ගෙන කටයුතු කරන බවත්,එම වරදේ ආදීනව තමන් පසුපස සිටින විදේශ බලවේග හෝ දේශපාලනික චරිතවලින් බැහැරව තමන් මත පෞද්ගලිකව කඩා වැටිය හැකි බවත් අපි වෙඉ් අඩවිය මගින්ද,පෞද්ගලිකව ඔහු හමු වී ද පැවසුවෙමු.අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ශ්‍රී ලංකාවේ නීතියවත් නොතකමින්,ආසියානු පදයට නටමින් කරන බලවත් වරද අපි පෙන්වා වරින් වර පෙන්වා දුන්නෙමු.ඔහුට පමණක් නොව ඔහු සමඟ සිටි වත්මන් ඇමතිවරයා දක්වා දේශපාලකයන්ට ද එම වරද මෙන්ම ඒ පිටුපස ඇති සැකසහිත තත්ත්වයන් මෙන්ම එහි උවමනාවන් ද පෙන්වා දුන්නෙමු.
රටක ආගමන විගමන නීතියට හානි කරමින් කටයුතු කළ සංවිධානයක වගකීම් දැරුව අය වෙත ලංකාවේ දේශපාලකයා මෙන්ම ක්‍රිඩා පරිපාලනයද නීතිමය පියවර ගැනීම තබා පරිපාලන තහනමක් ද නො‘පනවා,රටේ ක්‍රීඩාවේ වගකීම් පවරමින් ද,ආසියානු මට්ටමෙන් වැඩ කිරීම දක්වා ඉදිරියට යන්නට ඉඩ සළසමින් ද නිදැල්ලේ හැසිරෙන්නට දෙන ආශිර්වාදයද වැරදි පූර්වාදර්ශයක් බව අපි බොහෝ කාලයක සිට අපි පෙන්වා දෙන්නෙමු.අද වන තෙක්ම දඬුවම් දීම වෙනුවට ඒ වරදට වගකිව යුතු පාර්ශව වෙත වගකීම් පැවරීම,ඒ සියලු වැරදි සහගත හැසිරීම් දේශපාලන බල අධිකාරියක උවමනාවකට කිරීමේ නම්‍යශීලීත්වය තමන්ගේ දේශපාලනයට ද යොදා ගත හැකි මොහොතක් ගැන කල්පනා කරමින් කරන වැඩක් විය හැකිය.
ඉහත සියල්ල අප කී දේ ය.ඒ කිසිවක් ශෙමාල් ප්‍රනාන්දුගේ පැත්තෙන් ශෙමාල් ද,දේශපාලනය පැත්තෙන් වත්මන් අමාත්‍යවරයා දක්වා අමාත්‍යවරු ද කල්පනාවට නොගත් බව පැහැදිළිය.ඔවුන් රටේ නීතියට අනුව ක්‍රිඩා පරිපාලනයක ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන නොසළකා හරිමින් සිය දේශපාලන සහ නිලධාරි බලපැම රගර් ක්‍රීඩාව මත මුදා හරින්නට උත්සාහ ගැනීම වැරදි සහගත බව අපි කීවෙමු.එහෙත් ආසියානු පරිපාලනයට රටක රගර් හී නිලවරණය සම්බන්ධයෙන් ඇති ප්‍රතිපාදන වෙනස් කර නිශ්චිත වූ ක්‍රීඩා සමාජ කිහිපයක් නම් කර එයට සදාකාලික බලයක් පැවරෙනාකාරයට යෝජනා කිරීමම සැක සහිත සහ සදාචාර සම්පන්න නොවන්නක් බවවත් ක්‍රිඩා පරිපාලනයට හෝ දේශපාලන අධිකාරිය තේරුම් නොගත්තේය.
ඒ සම්බන්ධයෙන් කාලයක් මුළුල්ලේ ක්‍රීඩාවට සම්බන්ධව සිටි අපේ මාධ්‍ය මැදිහත්වීම් ඉහළ ධනාත්මක දේ බවට අගය කරමින් සිටි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පෞද්ගලිකව හමු වී පැහැදිළි කර දීමට ද කටයුතු කළේය.
“මම නෙමෙයි මල්ලි ඇමතිතුමයි ඒෂියන් රගර් එකයි තමයි මේක කියන්නෙ මට ඒකට විරුද්ධ වෙන්න බැහැනෙ.පවුම් 50000 සිද්ධිය ගැන තොරතුරු තියෙනවා.මම ඉද්දි වෙච්චි දෙයක් නෙමෙයිනෙ ඒක ඉතිං“
ඒ මොහොතේ ඔහුගෙන් ලැබුණ පිළිතුර එබඳු විය.
“හැබැයි මේ සියල්ල නීතියට අදාළ නැහැ.වැරද්ද එන්නෙ ඔයාට.ඒ වගෙම පවුම් 50000 වරද ඔයාගෙ කාලෙ වෙන්න ඕනි නැහැ.ඔයාගෙ කාලෙදි ඒ වරද කරපු අයට මේවට සම්බන්ධ වෙන්න තියෙන ඉඩ නවත්තන්න පුළුවන්“
මා එසේ කියන විටත් ඔහු පවුම් 50000 වරදට සම්බන්ධ පරිපාලනයේ ලේකම්වරයා පහසුකම් සපයන්නා ලෙස පත් කර ගෙන සිටියේය.ඔහුම පවසන පරිදි අමාත්‍යවරයාගේ දේ කරන්නේනම්,අමාත්‍යවරයෙක් විසින් සෑහිමකට පත් නොවී විසුරුවන ලද ක්‍රිඩා පරිපාලනයේ ප්‍රධානියා ඒ ක්‍රීඩාව මෙහෙයවීම සඳහා පත් කර ගෙන ඇත.ඉනික්බිති ආසියානු බලපෑම යනු ආසියානු සභාපති තමන්ට ඡන්දය නොදැමීම සම්බන්ධයෙන් ඇති කළකිරීමේ වෛරය ලංකාවේ ක්‍රීඩා ඇමතිවරු හරහා ලංකාවේ රගර් මත මුදවා හැරීම බව ද අප පෙන්වා දුන්නේය.එයට ඔහු යොදා ගන්නේ ලංකාවේ රගර් ක්‍රීඩාවට කුමක් වුව ද කම් නැත,තමන්ට බලය ලැබිය යුතුය යන සංකල්පයේ සිට පවුම් 50000 දඩයට හේතුව නිර්මාණය කළ සහ එම දඩය ශ්‍රී ලංකාවට ලැබෙන ආධාරවලින් අඩු කර ගන්නට දැන් වූ පරිපාලනය බවද අපි සාධක සහිතව පෙන්වා දුන්නෙමු.තවමත් ක්‍රීඩා ඇමති,අධ්‍යක්ෂ ජෙනරාල් මේ තත්ත්වය තේරුම් ගැනීම වෙනුවට එම අශුද්ධ සංධානය හරහා ශ්‍රී ලංකාවේ රගර් මෙහෙයවමින් සහ ලංකාවේ ක්‍රීඩාවම මෙහෙයවීමට උපදෙස් ගනිමින් ඇත.
මේ සියල්ල කරුණු කාරණා හරහා එළි දක්වමින් පෙන්වා දෙමින්,නාවික හමුදාවේ විශාල කාලයක් නිලධාරියෙකු ලෙස අත්දැකීම් ඇති මෙන්ම උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති අයෙකු වන ශෙමාල් ප්‍රනාන්දුට ඒ දැණුම මෙහෙයවා ඒ ඔස්සේ රටේ නීතියට ගරු කරමින් හැසිරීමේ අවශ්‍යයතාවය පෙන්වා දුන්න ද,ඔහු සිටියේ ආසියානු රගර් සභාපතිවරයාට ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඉක්මවා රගර් ක්‍රීඩාවේ සියල්ල පාලනය කළ හැකිය යන විශ්වාසය තුළය.
එය අධ්‍යක්ෂ ජෙනරාල්ගේ තනි උවමනාවක් නොවන බව අපි දනිමු.එහෙත් උවමනාව කාගෙ වුව තමන්ට ඇති බලය ලංකාවේ අධිකරණ පද්ධතියේ නියමයන්ට සහ ඒ තුළ ඇති කර ගත් එකඟතාවයන්ට විරුද්ධව භාවිතා කරන්නට නොහැකි බව අපේ දැණුමට තේරුම් ගැනීමට හැකි වුව ද,ශෙමාල් ප්‍රනාන්දුගේ මහාචාරය දැණුමට අවබෝධ වී නොතිබිණ.ඒ නිසා රාජ්‍ය නිලධාරියෙකු ලෙස ඔහුගේ වෘත්තීය වගකීමේදී රාජ්‍ය නිලධාරියෙකු විසින් සැළකිල්ල දැක්විය යුතු නීතිමය තත්ත්වයන් නොසළකා හැරීමට ලක් කර ඇති බව සහ අධිකරණය හෑල්ලුවට ලක් කර ඇති බව අධිකරණය ඉදිරියේ මූලික වශයෙන් සළකා බැලීමට තීරණය වි ඇත.
ඔහු ආසියානු සභාපතිවරයා ආසියානු රටවල රගර් ක්‍රීඩාවේ දෙවියන් ලෙසත්,තමාට පැවරී ඇති බලය ඒ දෙවියාගේ යටහත් පහත් සේවකයා ලෙස එම දෙවියන්ට අවශ්‍යය පරිදි ක්‍රියාවේ යෙදවීම තමන් ජිවත්වන රටේ නීතියට සැළකීමට වඩා ඉහළින් තිබෙන බවත් සිතා කටයුතු කර ඇති බව පැහැදිළිය.එවැනි තීරණයකට ඒමට ප්‍රථම අධිකරණයට දැණුම් දී අවසර ලබා ගැනීම සහ නීතිපතිවරයාගේ උපදෙස් සහිතව අධිකරණයට දන්වා සිටිමේ වැදගත්කම සහ අවශ්‍යයතාවයද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පැහැර හැර ඇත.එවැනි තත්ත්වයක ආසියානු සභාපතිවරයාගේ කීමට හැසිරීම එක් අතකින් අධිකරණයට අපහාස කිරීමක් ලෙස සළකා බැලීමට හැකි කාරණා ඇති තත්ත්වයක් ලෙස ගරු අධිකරඛය සැළකිල්ලට ගෙන ඇත.එසේ ලැබැඳයාවන් සම්බන්ධයෙන් වන ගැටුමක ස්වරූපය මත රජයේ නීතිපතිවරයාට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට අධ්‍යක්ෂ ජෙනරාල්වලරයාට පෞද්ගලික නීතිඥයෙකු මාර්ගයෙන් පෙනී සිටීමේ උවමනාවද අධිකරණය ඉදිරිපත් කරන්නේ අධ්‍යක්ෂ ජෙනරලාවරයා රජය වෙනුවෙන් කටයුතු කිරීමේදී රාජ්‍යයේ නීති පද්ධතිය නොසළකා කටයුතු කර ඇති බැවින්ය.
රජයේ නිලධාරියෙකු රජයේ පිළිගත් නීතිමය සම්ප්‍රදායන් කඩකර අපහාසයට ලක් කිරීම සඳහා සැකයට භාජනය වී ඇති නිසාත්,එම චෝදනාව විභාගයට ගැනීමට හැකි සාධාරණ කරුණු පෙනෙන්නට තිබියදී,නීතිපතිවරයා රාජ්‍ය වෙනුවෙන් නිලධාරියා කටයුතු කර නොතිබි බවට අධිකරණය විශ්වාස කර විභාගයට ලක් කිරීමේදි පෙනී සිටිම සිඳු නොකළ යුතු බව සාකච්ඡාවට ගැනීම වැදගත් තීරණයක්ය.සරලව දේශපාලකයා හෝ කුමන හෝ ජාත්‍යන්තර සංවිධානයක පුද්ගලයෙකුට රටේ නිතිය ඉක්මවා කටයුතු කරන්නට බලපෑම් කළ නොහැකිය.එසේ සාධාරණව කටයුතු කරන සිය පුරවැසියා වෙනුවෙන් රගර් කේෂත්‍රයේම ජපානය කළ අභියෝගය මත ආසියානු සභාපතිවරයාගෙ බලය ඇති කවුන්සිලය ගත් තීරණය අසාධාරණ බව ඔප්පු වී තිබියදී,එම තත්ත්වය හෝ සැළකිල්ලට නොගෙන ආසියානු සභාපතිවරයාගේ පදයට නටන්නට යන ලංකාවේ රාජ්‍ය නිලධාරියා මෙන්ම දේශපාලකයාට ද මේ අධිකරණ තීරණය නීතිය ගැන අවබෝධ කර ගන්නට හොඳ අවස්ථාවක්ය.
කිසිම අවස්ථාවක ආසියානු සභාපතිවරයා සහ ශ්‍රී ලංකාව අතර අර්බූදය ඇති වූ පළමු මොහොත ලංකාවේ දේශපාලකයා සහ නිලධාරියා සැළකිල්ලට ගෙන නැත.අර්බූදය පටන් ගැනීමට දායක වූ නාමල් රාජපක්ෂට එය උවමනාවක් වීමට හේතු තිබුණ බව ද තේරුම් අරගෙන නැත.මේ මොහොතේ ආසියානු සභාපතිවරයාගේ සහයට එම පරිපාලනයට සම්බන්ධ වී සිටින නිලධාරීන් ලංකාවේ නීතියට අනුව ආසියානු වගකීම් දැරීමට නොව,ලංකාවේ නීතිය අනුව දඬවම් ලැබිය යුතු අය බව අමතක කර ඇත.ඒ අයට නීතිය ක්‍රියාත්මක කිරීමට පමා වී හෝ කටයුතු කිරීම වෙනුවට ඔවුන්ට වගකීම් පැවරීමට වත්මන් රජය ද,අමාත්‍යවරයා ද එකඟ වී ඇත.ඉදිරිපත් වි ඇත.මේ සියල්ල කරමින් ලංකාවේ රගර් ක්‍රීඩාවේ නිශ්චිත කීඩා සමාජ කිහිපයක් ඉලක්ක කර එයට වැඩි බලයක් පැවරෙන ආකාරයට රටේ රගර් නීතිය වෙනස් කිරීමට ආසියානු සභාපතිවරයාට ඇති උවමනාව සැක කිරීමට හෝ ලංකාවේ දේශපාලකයා හෝ නිලධාරියා ඉදිරිපත් නොවීම ගැටළුකාරීය.
ඒ නිසා මේ තත්ත්වය පවතින රගර් නීතිය අනුව බලය ලබා ගන්නා පරිපාලනයකට ආසියානු සහ ලෝක පරිපාලනය සමග එකඟතාවයකින් ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කිරීමට ඉඩ දීමෙන් මෙපිට කරන්නට යාම වැරදි බව අප මුල සිටම කීවෙමු.දැන් එයට පිටු පා ආසියානු සභාපතිවරයාගේ ඉත්තෙකු වීම ලංකාවේ නීතිය රැකීමේ වෘත්තීය වගකීම හෝ නොසළකමින් කටයුතු කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට අධිකරණයට පිළිතුරු බැදීමට සිඳු වී ඇත.ඔහු අමාත්‍යවරයන් තිදෙනෙකු සමඟ මේ වෙනුවෙන් කටයුතු කර ඇත.තවත් පිරිසක්ද,දේශපාලකයන් ද ඔහු පිටුපස සිටි බව අපි දනිමු.එහෙත් දැන් ඒ නීතිමය සාධාරණය සහ යුක්තිය නොසළකා වෙනත් පුද්ගල කේන්ද්‍ර උවමනාවන් අනුව කටයුතු කිරීම තම වගකීම ලෙස සැළකූ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තනිව මේ ගැටළුවලට මුහුණ දීමට මැයි 15 වන දා අධිකරණයේ පෙනී සිටිය යුතුය.
අධිකරණයට අපහාස කිරිම සම්බන්ධ චෝදනාවක් විභාගයට ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්වීම යනු පහසු දෙයක් නොවේය.අපි රන්ජන් රාමනායක,එස්බී දිසානායක වැනි පුද්ගලයන්ගේ ඉරණම දැක ඇත්තෙමු.එසේම අධිකරණයට අපහාස කිරීම යන කාරණය විභාගයට ගැනීමට ප්‍රමාණවත් කාරණා ඇතැයි සිතන අයෙකු මේ මොහොතේ ගනු ලබන තීරණ සියල්ල ද ඇතැම් විට අනාගතයේ අභියෝගයට ලක් වීමේ අවධානමක් ද පවතී.එම තත්ත්වය මේ මොහොතේ ක්‍රීඩා අමාත්‍යවරයා සහ රජය අවධානයට ගත යුතුය.එසේම මේ ආකාරයටම පවුම් 50000 ක දඩය,ඊට හේතු වූ ආගමන විගමන නීතිය උල්ලංඝනය වීම මෙන්ම එම වරදට වගකිව යුතු නිලධාරීන්ගේ නොසැලකිල්ල නොසළකා දඩ මුදල ශ්‍රී ලංකා රගර් වෙත ලැබෙන ආධාරවලින් ගෙවිමට දායක වූ ඕනෑම අයෙක්ටද නීතිය ඉදිරියේ පෙනී සිටින්නට වන තත්ත්වයක් ද මේ පසුබිම මත ඇති විය හැකිය.දැනටත් එම සිඳුවීම වැරදි ලෙස සළකා දඩයක් අය කර තිබියදීත්,ඊට අදාළ පුද්ගලයන්ට රටේ ජාතික වගකීම් පැවරෙන තත්ත්වයේ භයානක තත්ත්වය අභියෝගයට ලක්වීමට ඇති ඉඩද නොසළකා සිටිය නොහැකිය.
කෙසේ වුවත් වැදගත්ම අවධානය යොමු කළ යුතු දේ ශෙමාල් ප්‍රනාන්දු රටේ නීති පද්ධතියට වඩා ජාත්‍යන්තර සංවිධානවලට,දේශපාලකයාට බලය ඇති බව සිතීමේ ප්‍රතිවිපාකවලට තනිව මුහුණ දිය යුතුව තිබීමය.එය නීතිගරුක පුරවැසියෙක් ලෙස නිතිගරුක රාජ්‍ය නිලධාරියෙක් ලෙස වැඩ කිරීමේ අවශ්‍යයතාවය සමාජයට පෙන්වා දීමක්ය.
https://lucky1.lk/#/
Social Plugin