ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උසස්වීමක්


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත් කළ නවතම විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමඟ මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණ ඇත.

ඒ අනුව, නවතම විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව 8 වන ස්ථානය දක්වා පසුබැසීමට පාකිස්තාන කණ්ඩායමට සිදුව තිබේ.