පැතුම් නිස්සංකගෙන් වාර්තාවක්


ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ඊයේ (13) බංග්ලාදේශය සමග පැවැත්විණි.

සිය පළමු තරගයෙන් කඩුලු 6ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම තරගයේදී රැක් කළ අර්ධ ශතකයත් සමග පැතුම් නිස්සංක ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

ඒ, පන්දු වාර 20 තරගවලදී අඩු ම තරග සංඛ්‍යාවකදී ලකුණු 2000 පසු කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ, කුසල් ජනිත් පෙරේරා වන අතර, ඔහු ඒ සඳහා තරග 76කට ක්‍රීඩා කර තිබිණි.

පැතුම් නිස්සංක එම කඩයිම පසු කළේ, සිය 68 වන තරගයේදී ය.