බොක්සිං ශූර රිකී හැටන් ජිවිතක්ෂයට පත් වෙයි


හිටපු ලෝක බොක්සිං ශූර රිකී හැටන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 46ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ග්‍රේටර් මැන්චෙස්ටර් හි නිවසේදී මියගොස් සිටියදී ඔහුගේ දේහය සොයාගෙන තිබෙනවා.

ඔහුගේ බොක්සිං වෘත්තීය ජීවිතය තුළ, ඔහු ලෝක ශූරතා කිහිපයක් මෙන්ම එක්සත් රාජධානියේ ශූරතා ද හිමිකර ගත් අතර, 2015 දී වසරේ සටන්කරුවා ලෙස නම් කරන ලදී.