ඊයේ පැවති තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහන යාවත්කාලීන වී තිබෙනවා.
බංග්ලාදේශය සමඟ පැවති පළමු තරගය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව ලකුණු සටහනේ ‘B කාණ්ඩයේ’ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වී සිටිනවා.
ලකුණු සටහනට අනුව A කාණ්ඩයේ ප්‍රමුඛස්ථානයේ තවදුරටත් ඉන්දියාව රැඳී සිටින අතර, B කාණ්ඩයේ ප්‍රමුඛස්ථානයේ ඇෆ්ගනිස්ථානය රැඳී සිටියි.
B කාණ්ඩයේ ක්‍රීඩා කරන කණ්ඩායම් වන්නේ ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, හොංකොං සහ ශ්‍රී ලංකාවයි.
ඇෆ්ගනිස්ථානය ක්‍රීඩා කළ එකම තරගය ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 2ක් ලබා සිටින අතර, ඔවුන්ගේ NRR අගය 4.700ක් ලෙස ඉහළ අගයක පවත්වා ගැනීමට සමත්.
ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ එකම තරගය ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 2ක් ලබා සිටින අතර, NRR අගය 2.595ක් ලෙස සටහන් වනවා.
බංග්ලාදේශය තරග 2ක් ක්‍රීඩා කර එක් තරගයක් ජයග්‍රහණය කර එක් තරගයක් පරාජය වී ප්‍රසාද ලකුණු 2ක් ලබා සිටින අතර, ඔවුන්ගේ NRR අගය -0.650ක් ලෙස සටහන් වනවා.
Social Plugin