ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (13) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක පහසු ජයක් ලැබීමට සමත් විය.
අබුඩාබිහිදි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශය කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ පිලේ පළමු කඩුල්ල පළමුපන්දුවාරයේදීම දවා ගැනීමට නුවන් තුෂාර සමත්වුණි.
බංග්ලාදේශ පිලේ මුල් කඩුලු 5 ලකුණු 53ක් තුළ බිඳ වැටුණද ජේකර් අලි සහ සමීම් හොසේන් බංග්ලාදේශ ඉනිම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේය.
ඒ අනුව බංග්ලදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 139ක් රැස් කිරීමට සමත්වුණි.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 140ක ඉලක්කයක් හිමිවූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 04ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 140ක් ලබා රැස්කරමින් සිය ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු කර ගනු ලැබීය.
එහිදී විශිෂ්ට පිති හරඹයක නිරවූ පැතුම් නිස්සංක ලකුණු 50ක් ලබාගැනීමට සමත් විය.
කමිල් මිෂාර නොදැවී ලකුණු 46ක් රැස්කිරීමට සමත්විය.
මෙම ජයග්‍රහණයත් සමග 'B' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
Social Plugin